
ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක දයා විමලවීර මහතා අභාවප්‍රාප්ත වේ
(ෆාස්ට් නිවුස් | කොළඹ ) – ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ප්‍රවීන කලා ශිල්පී දයා විමලවීර මහතා අභාවප්‍රාප්ත විය.
කැමරාකරණය, සංස්කරණය,අධ්‍යක්ෂණය සහ තිරරචනය යන සෑම ක්ෂේත්‍රයකින්ම සමාන දක්ෂතාවක් දැක්වූ ඒ මහතා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වනුයේ 1972 වසරේ තිරගත වූ වීදුරු ගෙවල් චිත්‍රපටයයි.
ඉන් අනතුරුව ජීවන කදුළු, මිහිදුම් සිහින, ඡායා, රජ දරුවෝ, සුජාතා, බඹසර බිසව් ආදී චිත්‍රපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබීය.
සිංහල සිනමාව බිහි කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක නිරත වූ සිරිසේන විමලවීරයන්ගේ පුත්‍රයා වූ දයා විමලවීරයන් සිය පියා අධ්‍යක්ෂණය කළ රොඩී කෙල්ල චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ද වූයේය.
රෝගාතුරව සිටි දයා විමලවීර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට 81 වන වියෙහි පසු විය.
අභාවප්‍රාප්ත දයා විමලවීරයන්ගේ දේහය දෙහිවල කළුබෝවිල, ඇන්ඩර්සන් පාරේ 154 දරණ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු නැදිමාල පොදු සුසාන භූමියේදී හෙට (14) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත.
