FAST NEWS

24×7 Around the Globe

පානදුර සිදුකළ වැටලීමකදී භාවිතයට නුසුදුසු පොලිතීන් ටොන් 05ක් සොයාගනියි..

පානදුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිතීන් ආහාර දවටන නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා භාවිතයට නුසුදුසු පොලිතීන් ටොන් 05 ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 
නීති විරෝධී පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කරන ලද අදාළ කර්මාන්තශාලාවේ හිමිකරු එහිදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2017 සැප්තැම්බර් මස පළමුවන දින නිකුත් කරන ලද අංක 20/34 ගැසට් නිවේදනයට පටහැනිව පොලිතීන් ආහාර දවටන තොගය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශන ක්‍රියයාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ එන්.එස්.ගමගේ මහතා සඳහන් කළේය.