හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දමයි…

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දමයි…

අයහපත් කාළගුණය හේතුවෙන් ඇතිවූ නාය යෑම් තත්ත්වයක් නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල හරහා මාර්ගය තාවකාලිකව වසා ඇති බව ගිනිගත්හේන පොලීසිය ප්‍රකාශ කරයි.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නායයාම් හා පස් කදු කඩා වැටීම හේතුවෙන් ඊයේ එම මාර්ගය එක් මං තිරුවක් පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර තිබිණි.
දියගල ප්‍රදේශයේදී මාර්ගයට ඊයේ පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් මේ වනවිට එහි රථ වාහන ගමනාගමනය සිදුවන්නේ එක් මංතීරුවක පමණයි.
තවදුරටත් එම ප්‍රදේශයේ නායයාම් අවදානම් තත්ත්වයන් ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ්.
එමෙන්ම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වා ඝණ මීදුමි තත්ත්වයක් පවතින බැවින් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසටද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලිමක් කර සිටියි.