ජැක්සන් ඇන්තනී කේරළ සිනමා නිර්මාණයකට..!
ශ්රී ලංකීය සිනමාවේ දැවැන්තයෙකු ලෙස හඳුන්වන ප්රවීන නළු ජැක්සන් ඇන්තනී මහතා කේරළ සිනමා නිර්මාණයකට දායක වන බව ආරංචි විය.
මෙම චිත්රපටය මෑත කාලීනයේ බොහෝ ජනප්රිය වූ “ක්ලයිමැක්ස්” චිත්රපටය අධ්යක්ෂණය කළ අනිල් කුමාර්ගේ අධ්යක්ෂණයක් වෙන බවත් මෙම නිර්මාණයට තවම නමක් දමා නොමැති බවත් සදහන්ය.
ජැක්සන් ඇන්තනී මෙහිදී තරුණ කාන්තාවක් විවාහ කරගත් වැඩිමල් සැමියෙකුගේ චරිතයක් නිරූපණය කරන බව පැවසේ.