FAST NEWS

24×7 Around the Globe

පිටි අඩු නිසා පාන් අඩු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල හෙට (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් මාධ්‍යවලින් පළකරන මිලට පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන අද (30) පැවසීය.

රුපියල් 320 ක්ව පැවැති පාන්පිටි කිලෝවක් මේ වන විට 298 ක් දක්වා අඩු වී ඇති බව කී ජයවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමු කර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.