
“මාර්තු 2න් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකියි”
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට වුවමනා වුවත් ලබන අවුරුද්දේ මාර්තු 2 වනදා වනතෙක් හැකියාවක් නැහැ.
එහෙමනම් පාර්ලිමෙන්තුවට යෝජනාවක් ඉදිරිපත්කර බහුතර ඡන්දයෙන් එය සම්මත කළ යුතුයි. ඒ යෝජනවා පිළිගන්නද නැද්ද කියන පරමාධිපතය ජනාධිපතිතුමාට තියෙනවා.”යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති , නිමල් පුංචිහේවා මහතා බදුල්ලේදී රිවර්සයිඩ් හෝටලයේදී පැවැති සාකඡාවකදS 27 දා පැවසීය .
යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීම වෙනුවෙන් මෙම සංවාදත්මක සාකච්චාව පැවැත්විණ .
“දැනට දේශපාලන පක්ෂ 79 ක් තියෙනවා. මේ අවුරුද්දේ තවත් 76 ක් අයදුම් කරන තිබෙනවා. මෙහෙම දේශපාලන පක්ෂ පිළිගන්න ගියොත් තව අවුරුදු 25 ක් යන කොට එක ඡන්ද දායකයෙකුට එක පක්ෂයක් තත්වයට එයි. එනිසා මේවායේ යම් සීමාවක් තියෙන්න ඕන.
අනෙක් එක පක්ෂයක් පිළිගන්නට තියෙන්නේ අළුත් මත වාදයක් එකතු කිරීමට. දැන් සිදුවන්නේ පක්ෂ කෑලි කෑලි වලට කැඩෙනවා. ඒ අය පක්ෂයක් ඇති කර ගන්නවා. ඒකෙන් තව කෑල්ලක් කැඩෙනවා. ඒ අය ව පක්ෂයක් හැටියට ඉදිරිපත්වෙන්න කටයුතු කරනවා. ඇමීබාවා වගේ වෙන් වෙන්වි යනවා.
ඒක සිදුවන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි. පුද්ගලික කාරණා මත. විවිධ අදහස් විවිධ ප්‍රතිපත්ති තියෙන්න ඕන. ඒක ගැන කිසිම ගැටළුක් නැහැ. සිද්ධ වෙන්නේ ඒක නොවෙයි.
දැන් අපි වාර්ගික , ආගමික පදනමෙන් ඉදිරිපත් කරන පක්ෂ පිළිගන්නේ නැහැ. මොකද මේට බෙදන්න , කෑලි කෑලිවලට කඩන්න ආගම් වශයෙන් ජාති වශයෙන් ඉදිරිපත් කරන පක්ෂ හේතුවුණා. අපි රටක් විදියට නැගිටන්න ඕන කියන පිළිවෙතක් ඒතුළ නියෝජනය වන්නේ නැහැ.”
මැතිවරණ පැමිණිලි පිළිබදව විභාග කිරීම සදහා මැතිවරණ විනිශ්චය ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත් පක්ෂ අතර තබෙන ගැටළු හා පැමිණිලි ඉක්මනින් විභාකිරිමට මේතුලින් හැකියාව ලැබෙන බවත් අවධාරණය කළේය .
විවිධ හේතුනිසා ලක්ෂ 8 පමණ ඡන්දදායයන්ට ඡන්දය දීමේ අවස්ථාව අහිමිවන බව පැවසූ හෙතෙම පූරව ඡන්ද ප්‍රකාශ වැඩපිළිවෙලක් ,විශේෂ ඡන්ද පුකාශ කිරීමේ ක්‍රමවේදයක් හා ජංගම ඡන්දපොලවල් ඇතිකිරීමටද යෝජනා කර ඇතැයි සඳහන්කළේය.