
නැවත දැනුම් දෙන තුරු රාජ්‍ය සේවයට කැඳවීම අවම පිරිසක් පමණයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැවත දැනුම් දෙන තුරු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අත්‍යාවශ්‍ය සහ අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් කැඳවීමට අවසර දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
පවතින ඉන්ධන අර්බුධය මෙම තීරණය ගෙන ඇති අතර අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙය බාධාවක් නොකර ගත යුතු බවද එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
එමගින් තවදුරටත් දැනුම් දී ඇත්තේ අවම අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීමටත්, හැකි සෑම අවස්ථාවකදීම නිලධාරින්ට නිවසේ රැඳී සිටීමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමටත් ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙසයි.