
ජනප්‍රිය ගායක සහ විකට නළුවෙකු වන ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ.
ජනප්‍රිය ගායක සහ විකට නළුවෙකු වන ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් අසනීපයෙන් සිටි ඒ මහතා මිය යන විට 83 වියේ පසුවිය.
අම්මා කියා කියත හැකී, කුල්ලෙන් පොළා පොළා, අඳුරු වලාවේ පුන්සඳ වැනි ගීත ඒ මහතා ගායනා කළ ජනප්‍රිය ගීත අතර වෙති.
රදල පිලිරුව, වීර විජය, චණ්ඩියා, ධීවරයෝ, සුනීතා ඔහු රඟපෑ චිත්‍රපට අතර ප්‍රධාන තැනක් ගත්තේ ය.
දේහය අද පස්වරුව වන විට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත අතර අවසන් කටයුතු ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබේ.
