ඉඩමක් පිරවීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඇතුළු සැකරුවන් 03 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (09) දින නියම කළේය.
ඒ අනුව අදාල නඩුව ලබන 26 වනදා විභාගයට ගැනීමට නියෝග කළේය.
කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් තර්ජනය කර ලබාගත් බවට චෝදනා කරමින් ප්‍රසන්න රණතුංග සහ නරේෂ් කුමාර් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
(DE සිල්වා)








