FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින නිලවාදය හා අවපාලනය නිසා ඔවුන් තම විභවයේ බලාපොරොත්තු මට්ටමට කටයුතු නොකරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ සිය ප්‍රථම කතාව පවත්වමින් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට විසමානුපාතික දායකත්වයක් දැක්වීමට සිදුව තිබෙන බවත් සියලු දෙනා එක්ව කටයුතු කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත් අැමරිකානු ජනපති පවසන බව විදෙස්වාර්තා පෙන්වාදෙයි.