FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවෙන් ඇෆ්ගනිස්ථානයට අතිරේක හමුදා භට පිරිස් 3000ක්..

ඇෆ්ගනිස්ථානයට තවත් අතිරේක හමුදා භට පිරිස් තුන්දහසක් යවන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසා ඇති බව වාර්තා වේ.

තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කොටසක් අත්පත් කර ගැනීමත් සමග එහි ආරක්ෂක තත්ත්වය දුර්වල තත්ත්වයකට හැරීම ඊට හේතුව බව විදෙස්වාර්තා පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්තාන යුද්ධයට ඇමෙරිකාව මැදිහත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන අතර මෙම පියවර ගෙන තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් ජෝන් නිකෝලසන් පසුගිය පෙබරවාරි මාසයේ කළ ඉල්ලීමට අනුවය.

C.රොද්‍රීගු