2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නොවැම්බර් 21…
2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නොවැම්බර් 21දා පස්වරු 6.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ප්‍රවීණ මාධ්‍යවේදී, රූපවාහිනී තිර රචක සෝමවීර සේනානායක මහතාගේ හා ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක් කිරිම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල මෙය වේ.
මෙහිදී 2015 වසරේ දෙසැම්බර් 31 වන දිනට සිංහල, දෙමළ මාධ්‍ය මගින් විකාශය කර අවසන් වූ රූපවාහිනී නිර්මාණ හා වැඩසටහන් අංශ 40 ක් යටතේ විශිෂ්ටයන් 76 දෙනෙක් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.