හිටපු LTTE සාමාජිකාවක් වෙනුවෙන් උරේෂා රවිහාරී නිර්මාණය කළ සංවේදී ගීතය මෙන්න… (වීඩියෝ)

හිටපු LTTE සාමාජිකාවක් වෙනුවෙන් උරේෂා රවිහාරී නිර්මාණය කළ සංවේදී ගීතය මෙන්න… (වීඩියෝ)

හිටපු LTTE සාමාජිකාවක් වන තමිලිනී වෙනුවෙන් නිර්මාණය වුණ ගීතයක් එළිදක්වා තිබේ.

මෙම ගීතය එළිදැක්වීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණේ කොළඹ ලයිට් හවුස් ගැලේ හී වන අතර මිහිමඬලේ රිද්මය (Rhythm of the earth) සංවිධානය මෙය සංවිධානය කර තිබේ.

කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ පද රචනයක් වූ මෙම ගීතය මහින්ද කුමාර් විසින් දෙමළ බසට පරිවර්තනය කර ඇති අතර උරේෂා රවිහාරී විසින් ගයන මෙහි සංගීත නිර්මාණය සිදු කොට ඇත්තේ දර්ශන රුවන් දිසානායක වේ.

‍කාශ්‍යප සත්‍යප්‍රිය විසින් තම ගීතය තමිලිනීගේ සැමියා වන ජෙයකුමාරන් මහතාට පිළිගැන්වූ අතර මෙම අවස්ථාවට ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ සාහිත්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක වැනි අමුත්තන් සහභාගී වී තිබේ.

තමිලිනී වෙනුවෙන් නිර්මාණය වු එම ගීතය පහතින්..

මම තමලිනී
අවි අත දැරූ
ලොව ගුගුරවා
ලොව දෙවනත් කෙරූ

දැය හද දැවෙයි
සුරුවත් බිඳෙයි
අවි හැර දමා
සොයනෙමි ඔසූ…