FAST NEWS

24×7 Around the Globe

නිව්යෝර්ක් පිපුරුම සම්බන්ධයෙන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනේ…

ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පසුගිය සෙනසුරාදා රාත්‍රීයේ සිදුවූ පිපුරුම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

එරට එෆ්.බී.අයි. ආයතනය මගින් අදාළ සැකකරුවන් බෲක්ලින් සහ ස්ටැසන් දූපත යා කෙරෙන පාලම ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

නිව්යෝර්ක් අගනුවර මෑන්හැටන්හි සිදුවූ පිපුරුමෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලැබීය.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් වාර්තා වී නොමැත.

මේ  අතර අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා දවල මන්දිර නියෝජිතයෙකු ද පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.