2016 වසර සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර ගන්නා සහ ඉවත්කර ගන්නා නම් ප්‍රදර්ශනය කෙරෙන කාල සීමාව මෙම මස 28 වැනිදායින් පසු අවසන් වන බැවින් තමන්ගේ නම එහි ලියාපදිංචි වී ඇත්දැයි යන්න පරීක්‌ෂා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරි මඟින්, පළාත් පාලන ආයතන කාර්යාල මඟින්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල මඟින්, දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාල මඟින් අඅඅගැකැජඑසදබිගටදඩගකන වෙබ් අඩවිය මඟින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් එය පරීක්‌ෂා කළ හැකි බව හෙතෙම කියා සිටියේය.
සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා හට ඡන්ද අයිතිය හිමිවන බවත් හෙතෙම පැවසීය. ඊට වතු, අහිකුණ්‌ඨික, අවතැන්, වීදි ජනතාව, ආදිවාසීන්, අඩු ආදායම්ලාභී නිවාස හිමියන්, අධි සුඛෝපබෝගී නිවාසවල වාසය කරන්නන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාසය කරන්නන් ඇතුළත් බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.