එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (18) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
අනිද්දා ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ආරම්භ වන අතර එය ලබන 26 වනදා දක්වා පැවැත්වෙයි.
කෙසේ වෙතත් ජනපතිවරයා ලබන 21 වනදා සමුළුව ඇමතනු ඇති අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙයයි.
වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන්ගේ අවසන් සැසිය ද මෙය වෙයි.
වසර 10කට ආසන්න කාලයක් බෑං කී මුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.
ජනාධිපතිවරයා සමග මෙම සැසිය සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරු ඇතුළු මැති ඇමතුවරුන් පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ.








