FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් සහ හිලරි අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ ඉදිරියටම.

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ තවදුරටත් ඉදිරියෙන් සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් සමත් ව තිබේ.
ෆ්ලෝරීඩා සහ ඔහායෝ ප්‍රාන්තවල ඊයේ පැවැති ඡන්ද විමසීමේ දී ජය ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට හැකි විය.
කෙසේ වුව ද රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පමණක් ජයග්‍රහණය කිරීමටයි.
ඊයේ (16) පැවති ඡන්ද විමසීමේ දී රිපබ්ලිකන් පක්ෂයේ මාකෝ රූබියෝ ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත් ව තිබේ.
ඒ එම ප්‍රාන්ත දෙකෙන් ලද පරාජයත් සමග ය.