FAST NEWS

24×7 Around the Globe

සරාගී බොලිවුඩි සුරෑපිනි ජැකලින් ෆර්නැන්ඩස් පිට්බුල් සමග එක්වෙයි.

රැප් ගායකයෙකු ලෙස ලෝව පුරා වඩාත් ජනප්‍රිය පිට්බුල් සිය නවකම මියුසික් වීඩියෝව සඳහා සුරූපි බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩස් තෝරාගෙන ඇති බවට විදෙස් මාධය වාර්තා සඳහන් කරයි.

ජැකලින් ජාත්‍යන්තර මියුසික් විඩියෝවක් සඳහා සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

2013 වසරේදී බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමගින් “Exotic” ගීතය ගායනා කරමින් ආසියාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් පිට්බුල් සමත් විය.

මෙම මියුසික් වීඩියෝව සඳහා ජැකලින්ට අමතරව සෝනම් කපූර්, කංගනා රනවුත්ගේ නම්ද යෝජනා වී තිබුණු අතර, අවසානයේ පිට්බුල්ගේ කැමැත්ත ලැබී ඇත්තේ ජැකලින්ට බව සඳහන් වේ.