FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10) ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 14 දෙනෙකු නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

යුද්ධ හමුදාව නිවේදනය කලේ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් 10 දෙනෙක් , රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 04 දෙනෙකු වශයෙන් මෙලෙස පිටත්ව යාමට නියමිත බවයි.

නිරෝධායන ක්‍රියාවලිය නිමා කර මෙතෙක් නිවෙස් බලා පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 29729 කි.

ත්‍රිවිධ හමුදාව මගින් පාළනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුල පුද්ගලයින් 3025 දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් වේ.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා සුවය ලැබූ 423 දෙනෙකු මේ දක්වා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර තවදුරටත් එහි ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 183 කි.