FAST NEWS

24×7 Around the Globe

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළේය.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.