FAST NEWS

24×7 Around the Globe

දින 03 ක් සියලුම ඖෂධ අලෙවිසැල් විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම මස හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 05 වෙනිදා යන දිනවල රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. 

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

විශ්‍රාම වැටුප් ලබන ජේෂ්ඨ පුරවැසියන්ට සිය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගනු ලබන අතර , ඔවුන්ට සිය ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.