FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන් වාර්තාවී තිබේ.

මෙලෙස වෛරසය කේන්ද්‍රගත වී ඇත්තේ චීනයේ වූහාන් නගරයෙන් පැමිණි චීන ජාතිකයෙකුටයි.

ඔහු පිලිපීනයට පැමිණීමට පෙරම වෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කෙරේ.

චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය වුවද දේශීය ආසාදිත මරණයක් ලෙස සැළකිය නොහැකි බව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීන නියෝජිත වෛද්‍ය රබීන්ද්‍ර අබේසිංහ පවසයි.