සායිෆ් යළි සාර්ථකත්වයට

සායිෆ් යළි සාර්ථකත්වයට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – සායිෆ් අලී ඛාන් යළි සාර්ථක නළුවෙකු බවට පත්ව සිටියි.

වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම අසාර්ථක නළුවෙකු බවට පත්ව සිටි මොහු මේ වනවිට තිරගත වන ” ටන්හාජි ” චිත්‍රපටය හරහා යළි සාර්ථක නළුවෙකු බවට පත්ව ඇත.

මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 167ක ආදායමක් උපයාගන්නට සමත්ව තිබේ.

” ටන්හාජි ” චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සායිෆ් සමඟින් අජේ දේව්ගන් නිරූපණය කරන අතර, අජේගේ බිරිඳ කාජල්ද මෙහි රංගනයෙන් දායක වී ඇත.

එමෙන්ම ” ටන්හාජි ” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 150ක් වැය කරමින් නිර්මාණය වූවක්ද වෙයි.