මාතරදී ” පිරිමියෙකු” දරුවෙකු බිහි කරයි

මාතරදී ” පිරිමියෙකු” දරුවෙකු බිහි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී මාතර රෝහලට ඇතුලත් කළ අයෙකු දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත කළ මොහු පිරිමි වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ උදරය පරීක්ෂා කිරීමේදී ගැබ්ගෙන ඇතිබවත් ඔහු කාන්තාවක් බවත් හඳුනාගෙන තිබේ.

පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් මෙම පුද්ගලයා ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කර ඇත.

කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයාට එම වාට්ටුවෙන් චීත්තයක් සහ බෙඩ් ජැකට්ටුවක් ලබාදී ඇති අතර අනතුරුව ඔහු පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් දරුවාට අවශ්‍ය මවුකිරි ලබාදීමට මෙම පුද්ගලයාට පියයුරු නොමැතිවීම හේතුවෙන් දරුවාට අවශ්‍ය පිටිකිරි ලබාදීම ආරම්භ කර තිබේ.

දීර්ඝ කලක් සිට ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිටි මොහු පිරිමියෙකු ලෙස ශරීර ලක්ෂණ තිබූ පුද්ගලයෙකි.

මෙහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇතිවූ තත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැසිරී ඇති බවත් උපතින් එම පුද්ගලයා කාන්තාවක් බවත් අනතුරුව සැත්කමක් සිදුකර පියයුරු ඉවත්කර බවත්ය.