ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුගෙන් නව ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුගෙන් නව ලෝක වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යවමින්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා දකුණු අප්‍රිකාවේදී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදි මතීෂ පතිරණ මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද මතීෂගේ පන්දු යැවීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය.