එජාප නායකත්වය සම්බන්ධ අවසන් තීරණය අද?

එජාප නායකත්වය සම්බන්ධ අවසන් තීරණය අද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , කථානායක කරූ ජයසූරිය සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

බොහෝ දුරට අද දිනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධ ගැටලූවට විසඳුමක් ලබාගත හැකි වනු ඇතැයි පක්ෂයේ මන්තී‍්‍රවරුන් විශ්වාසය පළ කරති.

මේ අතර ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ජනරැළි මාලාව ලබන බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිතයි.