වීඩියෝව ගැන සොයා බලන්නැයි සංචාරක ඇමතිගෙන් උපදෙස්

වීඩියෝව ගැන සොයා බලන්නැයි සංචාරක ඇමතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සංචාරකයෙකු අසීරුතාවයකට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින අතර ඊට අදාළ පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අදාළ අංශවලට තමා දැනුම්දුන් බවද අමාත්‍යවරයා පැවසීය.