කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටවන අතර ඊට කොළඹ , දෙහිවල-ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල වන නගර සභා බල ප්‍රදේශ අයත්.

රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සඳහාද මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇත.

මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9.00 සිට ඉරිදා පෙරවරු 7.00 දක්වා ජලය සැපයීම අඩාල වනු ඇත.

CATEGORIES