(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විජයානන්ද හේරත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
ඔහු 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය උපදේශකවරයා ලෙස කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදිද විජයානන්ද හේරත් මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේය.








