හෙට සිට ගිගුරුම් සහිත වැසි

හෙට සිට ගිගුරුම් සහිත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල ඊසාන දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

මේ හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාළගුණය හෙට සිට වැඩි වනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙහි වැඩි බලපෑමක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ඇතිවිය හැකි අතර , උතුරු මැද හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.