අධ්‍යාපන ඇමතිගෙන් අලුත් චක්‍රලේඛණයක්

අධ්‍යාපන ඇමතිගෙන් අලුත් චක්‍රලේඛණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමත් සමග තමා අකුරු කළ , රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලයට ඊයේ (25) පැමිණියේය. 

මෙහිදී පැමිණි සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ පාසල්වල ක්‍රීඩා උත්සවය හැර වෙනත් උත්සව පැයකට සීමා කළ යුතු බවත් ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛයක් ගෙනඑන බවත්ය.

අද වන විට ඇත්තේ 19 සියවසේ පංති කාමර තුළ 20 වන සියවසේ ගුරු භවතුන් 21වැනි සියවසේ ඉන්නා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමයක් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ රජයේ පාසල් තුළ ගුරුවරු 60,000 ක් සිටින අතර එයින් 15,000ක් දෙනා නුපුහුණු ගුරුවරුන් බවට හඳුනා ගෙන ඇති බවයි.