ට්විටර් ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

ට්විටර් ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ (21) සිට ක්‍රියාත්මක බව ට්විටර් සමාගම පවසයි. 

ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන වසර 13 ක් පැරණි, ක්‍රියාකාරී ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැත.

එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර , නව පියවර තුළින් සිය සමාජ මාධ්‍ය ජාලයේ හිතකර වාතාවරණයක් සැකසීමට ට්විටර් සමාගම අදහස් කරයි.