
කොරියානු විභාගයේ ප්රතිඵල නිකුත් වෙයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වර්ෂයට අදාළ කොරියානු භාෂා ප්රවීණතා විභාගයේ අවසන් ප්රතිඵල අද (22) නිකුත් කර ඇත.
විභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය.
මෙම විභාගය පසුගිය මැයි 28 දින ආරම්භ වූ අතර, එය ඔක්තෝම්බර් 08 දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්ර යටතේ පරිගණක ආශ්රිතව පැවැත්වීය.
කොරියානු භාෂා ප්රවීණතා විභාගයේ ප්රතිඵල මෙම මස 29 වන දින නිකුත් කිරීමට නියමිතව තිබුණද, එම ආයතනය මගින් එම දිනට පෙර ඉහත ප්රතිඵල නිකුත් කිරීමට කටයුතු කර ඇති බව එම විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.