සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසී යයි

සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසී යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සති කීපයක් පුරාවට ඕස්ට්‍රේලියාවට හටගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් නගර අධික දුමාරයකින් වැසී පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

මෙම තත්ත්වය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් ලෙස බලපාන බවත් , මෙම දුමාර තත්ත්වය පෙර දිනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.