නව ජනපති වැඩ අරඹයි

නව ජනපති වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න විසින් සක් බෙර හඩ මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේය.

අනතුරුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගනු ලැබූ අතර ඉන් පසු ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර උත්තමාචාරයක් පිරිනමා අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණ.

ඉන් අනතුරුව මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සෙත් පිරිත් සජ්ඣයනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් සිදුකළහ.