ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මීට අදාළ නඩුව අද (14) දිනයේ කැඳවීමට නියමිතව තිබුණද පොලිස් නිලධාරීන් සහ හලාවත මහාධිකරණයේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබිණි.

එම නඩුව ඇතුලූ හලාවත මහාධිකරණයේ අද දිනයේ විභාග වීමට නියමිතව තිබූ සියලූ නඩු 21 වනදා කැඳවීමටයි තීරණය කර ඇත.