මැතිවරණ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන්

මැතිවරණ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 8080ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර තිබේ.

2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.