ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නෙන් පාසල් 600 ක් වැසෙයි

ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නෙන් පාසල් 600 ක් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න මේ වන විට සිඞ්නි නුවර ඇතුළු ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ රැසකට ද දැඩි අවධානම් තත්ත්වයක් මතුකර ඇති තිබේ.

මෙය ව්‍යසනකාරී තත්ත්වයට පත්විය හැකි බව බලධාරීන් අනතුරු අගවා තිබෙන අතර , උණුසුම් කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න පැතිරයාම වේගවත් විය හැකි බව බලධාරින් පවසයි.

ලැව් ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දේපල විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව වාර්තා වේ.

ලැව්ගින්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල මිලියන 06ක පමණ ජනතාවක් වාසය කරන බව සඳහන්.

පාසල් 600ක් වසා දැමීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.