ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසියි – අලි සබ්රි

ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසියි – අලි සබ්රි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්තේ නීත්‍යානුකූල ලෙස බවත්, ඔහු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු ලෙසට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

අද (10) පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයක සහභාගීත්වයෙන් කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ සිය සේවාදායකයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සියළු ලිපි ලේඛන ද මැතිවරණ කොමිසමට භාර දී ඇති බවයි.

එම ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වුවේය.