එස්.බී. ගේ ආරක්ෂකයන් දෙදෙනා රිමාන්ඩ් [UPDATE]

එස්.බී. ගේ ආරක්ෂකයන් දෙදෙනා රිමාන්ඩ් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා එළඹෙන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (06) රාත්‍රියේ ගිනිගත්හේන – පොල්පිටිය ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය ප්‍රකාශ කළේය. 

ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ගමන්ගත් රථයකට පිරිසක් බාධා කළ අවස්ථාවේදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.