ඩෙංගු රෝගීන් සීග්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගීන් සීග්‍රයෙන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

ඉකුත් වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 දෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ඊයේ දින වන විට රෝගීන් 64,299 ක් වාර්තා වී ඇත.

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර , මේ වන විට දිවයින පුරා සීග්‍රයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවට ඩෙංගු මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී තිබේ.

මේ අතර, බස්නාහිර පළාතේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සිට යාපනයට පැමිණෙන දුම්රිය මගින් යාපනයේ වැසියන්ට ඩෙංගු රෝගය බෝවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ඇතැම් දුම්රිය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියට හිතකර පරිසර තත්ත්වයන් නොතිබීම ඊට හේතුව වී තිබේ.