චිලී ගැටුම්වලින් 18 දෙනෙක් ජීවිතක්ෂයට

චිලී ගැටුම්වලින් 18 දෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි.

ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.

පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ විරෝධතාවලින් මියගිය පිරිස 18 ඉක්මවීය.

මීට අමතරව 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයේ පසුවෙයි.

සති ගණානාවක් පුරාවට පැවැති විරෝධතාවලදි චිලී ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් සිදුව තිබේ.