මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පිරිස 35,000 ක් ඉක්මවයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පිරිස 35,000 ක් ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට ගෙවුණු වසරේ ගතවූ කාලය මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ ජාවාරමේ නිරත වූ සැකකරුවන් 35,702 අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන, පෙලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව ඇතුළු විවිධ ආයතන මගින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

අදාළ කාලය තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 1638 යි ග්‍රෑම් 397 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය.