මැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

මැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ යෝජනාවට පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 438ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡුන්ද 20ක් පමණි.

දෙසැම්බර් මස 12 වන මහ මැතිවරණය පැවැත්වෙන අතර මැතිවරණයක් පැවැත්වීමට අදාළ කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය යුතු වේ.

කෙසේ වෙතත්, මෙම සතිය තුළ ඊට අනුමැතිය හිමි වනු ඇති බව විදෙස් පුමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බ්‍රික්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.