හෙට තරඟයේ ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

හෙට තරඟයේ ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් , ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බෙන් හිදී හෙට (30) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සඳහා ඕස්ට්‍රේලියානු පිළේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගි නොවන බව නිවේදනය කර තිබේ.

ඔහුගේ සොහොයුරාගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම හේතුවෙන් ඔහු මෙලෙස හෙට පැවැත්වෙන තරඟයට සහභාගි නොවන බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දරුණුතම විස්සයි විස්ස පරාජය හිමි වූ පළමු තරඟයේදී ස්ටාක්, කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දවාලූයේ ලකුණු 18ක් පමණක් ලබාදෙමිනි.