පාසල් 5 ක් ජාතික පාසල් ලෙස නම් කරයි

පාසල් 5 ක් ජාතික පාසල් ලෙස නම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තෝපාවැව මහා විද්‍යාලය, කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, විලයාය මහා විද්‍යාලය, දිවුලන්කඩවල මහා විද්‍යාලය සහ බකමූණ මහසෙන් විද්‍යාල ජාතික පාසල් ලෙස නම්කර තිබේ. 

ඒ , ඊයේ (28) උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ “පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන” යටතේ මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර තිබේ.