හක්මන ප්‍රදේශයේ පස්කඳු කඩාවැටීමෙන් මාර්ග බාධා

හක්මන ප්‍රදේශයේ පස්කඳු කඩාවැටීමෙන් මාර්ග බාධා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අයහපත් කාළගුණය හේතුවෙන් හක්මන, මුලටියන මාර්ගයේ දෙනගම බටහිර ප්‍රදේශයේ 18 කනුව හා බොකුටුව අතර පස්කන්දක් කඩාවැටීමෙන් මාර්ග බාධා එල්ලවී ඇති බව හක්මන පොලිසිය පවසයි. 

ඊයේ (28) රාත්‍රී 9.00 ට පමණ මෙම පස්කන්ද කඩාවැටී ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග බාවිතා කරන ‍ලෙසටත් ,
මේ සදහා රදාවෙල වලස්මුල්ල මාර්ගයද බටදොල ඇල්ලවෙල මාර්ගය ද බාවිතා කල හැකි බවත් පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

ඇද හැලෙන වර්ෂාවත් සමග මේ ප්‍රදේශයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙන අතර , හක්මණ ප්‍රාදේශිය සභාවේ බැකෝ යන්ත්‍ර යොදා පස් ඉවත්කිරීම් සිදුකිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.