රට ගොඩනැගීමේ පෙරමග ගමන්කරුවන් තාරුණ්‍යයයි [AUDIO]

රට ගොඩනැගීමේ පෙරමග ගමන්කරුවන් තාරුණ්‍යයයි [AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රටට ප්‍රතිඵලදායී වෙනස දියත්කළ හැකි වන්නේ තාරුණ්‍ය බලසතු කිරීමෙන් පමණක් බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. 

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (28) පස්වරුවේ පැවති තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

නිර්මාණශීලීව රට ගොඩනගන ගමනේ පෙරමග ගමන්කරුවන් හැටියට අප තාරුණ්‍යයේ හඬට , තාරුණ්‍යයට වගකීම පවරන බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

එමෙන්ම , දේශීය හා විදේශීය වශයෙන් මුහුණදීමට තිබෙන සෑම අභියෝගයක්ම තරුණ ජවය තුළ තරුණ හැකියාව තුළ රාමුවෙන් පිට පැනලා අලුත් විදිහට සිතලා නව නිර්මාණ තුළින් රට ශක්තිමත් කරන ආකාරය ආදී සෑම අවස්ථාවකම තරුණයන් හට අවස්ථාව ලබාදෙන බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.