මිහින්තලේ ප්‍රදේශයේ සිදුවූ අනතුරින් මිය ගිය ගණන ඉහළට

මිහින්තලේ ප්‍රදේශයේ සිදුවූ අනතුරින් මිය ගිය ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අඹගහවෙල හන්දියේදී ඊයේ (28) සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. 

හොරොව්පතාන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ගමන් කළ ජීප් රථය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරෙන් සිදුවිය.

මෙම අනතුරින් ඊයේ කාන්තාවක් මිය ගිය අතර , තුවාල ලැබීමෙන් රෝහල්ගත කළ වෑන් රථයේ රියදුරු ද මෙසේ ජීවිතක්ෂයට පත්විය.

අනතුරෙන් තුවාල ලැබූ හොරොව්පතාන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක කස්තුරි අනුරාධනායක ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.