මහින්දානන්දගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි

මහින්දානන්දගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. 

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර , එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 වනදා සහ 17 වනදා යන දිනවල විභාගයට ගන්නා බවයි.

පසුගිය රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.